මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයන්ට ලැබෙන්නේදැයි සොයා දිවයින පුරා වැටලීම්

ආනයනික අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අඩු වීමේ වාසිය පාරිභෝගිකයන්ට ලැබෙන්නේදැයි සොයා දිවයින පුරා වැටලීම් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව, සුපිරි වෙළඳසැල් සහ සිල්ලර වෙළඳසැල් ආශ්‍රිතව එම වැටලීම් සිදු කිරීමටයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු යොදා ඇත්තේ.
විවෘත ගිණුම් හරහා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට තොග වෙළඳුන්ට මේ වනවිට අවස්ථාව ලබා දී තිබෙනවා.
ඒ හරහා ආනයනික අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ගණන්වල යම් අඩුවීමක් දක්නට ලැබුණා.
එම වාසිය සුපිරි වෙළඳසැල් හා සිල්ලර වෙළඳුන්, පාරිභෝගිකයන්ට ලබා දෙන්නේ දැයි සොයා මෙලෙස වැටලීම් සිදුකෙරෙනු ඇති.