බංග්ලාදේශයේ විස්සයි විස්ස නායකත්වය යළිත් ශකීබ් අල් හසන්

බංග්ලාදේශයේ විස්සයි විස්ස නායකත්වය සඳහා ශකීබ් අල් හසන් යළි පත් කර තිබෙනවා.
එරට ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඉදිරි නවසීලන්ත සංචාරය සහ ආසියානු කුසලානය සඳහා බංග්ලාදේශ කණ්ඩායම ශකීබ් අල් හසන් විසින් මෙහෙයවනු ඇති බවයි.
ලබන 27 වනදා ආරම්භ වන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළව බංග්ලාදේශ සංචිතය ද ඊයේ (13) ප්‍රකාශයට පත් කළා.