නීතිවිරෝධීව ඉන්දියාවට පළාගිය තවත් ශ්‍රී ලාංකිකයින් හතර දෙනකු ඊයේ පොලිස් භාරයේ

නීතිවිරෝධීව ඉන්දියාවට පළාගිය තවත් ශ්‍රී ලාංකිකයින් හතර දෙනකු ඊයේ අලුයම ඉන්දීය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ද හින්දු පුවත්පත වාර්තා කළේ මධ්‍යම සහ ප්‍රාන්ත නියෝජිතායතනවල නිරීක්ෂණ කණ්ඩායම් තමිල්නාඩු පොලිසියට දැනුම් දීමෙන් පසුව, මෙම පිරිසගෙන් ප්‍රශ්න කිරීම සඳහා රැගෙන ගිය බවයි.

මොවුන් ත්‍රිකුණාමලයේ පදිංචිකරුවන් බවට අනාවරණය වී තිබෙනවා.

නීතිවිරෝධී යාත්‍රාවකින් මෙම යාත්‍රාව ඊයේ අලූයම 4 ට පමණ තමිල්නාඩුවට පැමිණ ඇති අතර ඔවුන් 2006 දී මණ්ඩපම් සරණාගත කඳවුරේ රැඳවියන් ලෙස ලියාපදිංචි වී 2019 දී ශ්‍රී ලංකාවට ගොස් ඇති බවද පොලිසිය ප්‍රකාශ කළ බව සදහන්.

මේ අතර මෙලෙස නීතිවිරෝධීව පළාගිය ශ්‍රී ලාංකිකයින් පිරිසට තමිල්නාඩු රජය ආහාර සහ නවාතැන් සපයා ඇති බවද සදහන්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *