තහනම් කර තිබූ ජාත්‍යන්තර ‍‍දෙමළ සංවිධාන 06 ක තහනම ඉවතට

පසුගිය කාලසීමාවේ තහනම් කර තිබූ ජාත්‍යන්තර ‍‍දෙමළ සංවිධාන 06 ක තහනම ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩල සම්මුති 1373 යටතේ දැනට අසාදු ලේඛණ ගත කර ඇති සංවිධාන හයක තහනම මෙලෙස ඉවත් කර ඇති බවයි.

ඒ අනුව ඔස්ටේ්‍රලියානු දෙමළ කොංග්‍රසය – ගෝලීය දෙමළ සංසදය – ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව – ද්‍රවිඩ ඊලාම් ජනතා සම්මේලනය – කැනේඩියානු දමිළ කොංග්‍රසය සහ බ්‍රිතාන්‍ය දමිළ සංසදය යන සංවිධානවල තහනම මෙලෙස ඉවත් කර තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, පසුගිය කාලසීමාව තුළ මෙම සංවිධානවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් සිදුකළ අධ්‍යයනය කිරීම්වලදී ඉදිරිපත් වූ නිර්දේශ අනුව පසුගිය සිකුරාදා සිට ක්‍රියාත්මක වන පරිදි එම තහනම ඉවත් කළ බවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *