ගොවි ඉන්ධන ගැටලුව ගැන ඇමතිගේ අවධානය

වී අස්වැන්න නෙළන අවස්ථාවේදීම ගොවි ජනතාවට කිසිදු ගැටලුවකින් තොරව අදාළ දිනයට ඉන්ධන ලබා දීම කෙරෙහි අවධානය යොමුකර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ගොවි ජනතාවට අවශ්‍ය ඉන්ධන බෙදා දීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.

මේ අතර එළැඹෙන කන්නයේ සිට කෘමිනාශක සහ වල්නාශක බෙදා හැරීමේ ඒකාධිකාරය නතර කිරීමට පියවර ගන්නා බවද මහින්ද අමරවීර මෙහිදී සදහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *