ගුරු සංගම් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ප්‍රශ්ණ කරයි

දරුවන්ට හා ගුරුවරුන්ට උද්ගතව වන ගැටළු සදහා විකල්ප වැඩපිළිවෙලක් සකස් නොකර සතියේ දින පහම පාසල් පැවැත්වීමට සූදානම් වීම කොතෙක් දුරට ප්‍රායෝගික දැයි ගුරු සංගම් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ප්‍රශ්ණ කරනවා.

ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා නිව්ස් රේඩියෝවට කියා සිටියේ ගුරුවරුන්ට හා සිසුන්ට පාසල් පැමිණිමේදි ප්‍රායෝගික ගැටළු ගණනාවක් උද්ගත වන බවයි.

ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ෂෙහාන් දිසානායක මහතා සදහන් කලේ කිව් ආර් කේත ක්‍රමය මගින් සතියකට හිමිවන ඉන්ධන ප්‍රමාණය ගුරවරුන්ට ප්‍රමාණවත් නොවන බවයි.

රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් හෙට දින සිට සතියේ දින පහම සාමාන්‍ය වේලාවන් තුලදී එනම් පෙ.ව 7.30 සිට ප.ව 1.30 දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළේ.

ඉන්ධන අර්බුදය ඇතුලු ගැටළු මත මේ දක්වා පාසල් පැවැත්වුනේ සතියට දින තුනක් පමණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *