ඇමතිකම් එපා රට ගොඩදාන්න උදව් කරනවා

ආණ්ඩුව පවත්වාගෙන යෑමේදී රට ගොඩ නැගීම සදහා කරුණු වලදී සමගි ජනබලවේගයේ සම්පුර්ණ සහය ලබා දෙන බවත් ඒ ඇමතිකම් ලබා ගැනීමට සූදානම් නොමැති බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරනවා.
මේ වන විට ගැබිණි මවුවරුන් සදහා ලබාදෙන පෝෂණ මල්ල ආණ්ඩුව විසින් කපා දමා ඇති බවද විපක්ෂනායකවරයා චෝදනා කරනවා.
සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළකලේ අද පෙරවරුවේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ ගැබිණි මවුවරුන් සදහා පෝෂණ මලූ බෙදාදීමේ උත්සව අවස්ථාවකට එක්වෙමිනුයි.