අද නුගේගොඩදී මහජන රැලියක්

ගාලු මුවදොර අරගලකරුවන් ඇතුලු පිරිසක් අද නුගේගොඩදී දැවැන්ත මහජන රැලියක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
මර්දනයට , හදිසි නීතියට ඇතුලූ කරුණ ගණනාවකට එරෙහිවයි එය සංවිධාන කර ඇත්තේ.
නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වන මෙම මහජන රැළිය සදහා වෘත්තිය සමිති, අන්තර් විශ්ව විද්‍යාලීය භික්ෂු බල මණ්ඩලය , සිවිල් සංවිධාන ඇතුලූ කණ්ඩායමක්ද එක්වීමට නියමිතයි.