සෙංකඩගල පෙරහැර මංගල්‍යයට සියල්ල සූදානම්

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද සවස 06.01 ට යෙදෙන සුභ මොහොතින් ගමන ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිළමේ වන ප්‍රදීප් නිලංග දෑල මහතා මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ ඇසළ මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර අගෝස්තු 07 වැනි දා ආරම්භ වන බවයි.
අවසන් රන්දෝලි පෙරහර අගෝස්තු 11 වැනි දින පැවැත්වෙන අතර 12 වැනි දා දහවල් පෙරහරින් පසු මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාළිගාවේ ඇසළ මංගල්‍ය අවසන් වනු ඇති.