ලොව න්‍යෂ්ටික යුද්ධයක් ඇති වන බවට ජගත් මහලේකම්වරයාගෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරියේ දී ලොව න්‍යෂ්ටික යුද්ධයක් ඇති වීමේ අවදානමක් පවතින බව ජගත් සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් අනතුරු අඟවනවා.
ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ, රටවල් දෙකක් අතර වැරදි අවබෝධයක් ඇති වුව හොත් මෙලෙස න්‍යෂ්ටික යුද්ධයක් ඇති විය හැකි බව යි.
ඇතැම් රටවල් පීඩනයෙන් සිටීම ද න්‍යෂ්ටික යුද්ධයක් ඇති වීමට හේතු විය හැකි අතර, ඊට හොඳ ම උදාහරණය යුක්රේනය සහ රුසියාව අතර පවතින යුධමය වාතාවරණය බව ජගත් මහලේකම්වරයා සඳහන් කළා.