මැතිවරණ කොමිෂන් සභාවෙන් පක්ෂවලට කැඳවීමක්

මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු ම දේශපාලන පක්ෂවලට කැඳවීමක් සිදු කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා විසින් මෙම කැඳවීම කර ඇති අතර, එළඹෙන සඳුදා පෙරවරු 10.00ට මෙම රැස්වීම පැවැත් වීමට නියමිත බවයි වර්තා වන්නේ.

මෙම සාකච්ඡාවේ අරමුණ වන්නේ, පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මැතිවරණ නීති සංශෝධනය සඳහා ක්‍රියාත්මක වූ කාරක සභා වාර්තාවේ යෝජනා පිළිබඳව මෙහි දී පක්ෂ ලේකම්වරුන් සමග සාකච්ජා කිරිමයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *