අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා ජීවන්ත පියතුමාගෙන් FR පෙත්සමක්

තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගාලු මුවදොර අරගලයේ ක්‍රියාකාරී ජීවන්ත පීරිස් පියතුමා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, යුද හමුදාපතිවරයා, ගුවන් හමුදාපතිවරයා, නාවික හමුදාපතිවරයා, නීතිපතිවරයා සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසකුයි නම් කර ඇත්තේ.

ජීවන්ත පීරිස් පියතුමා සඳහන් කරන්නේ, කිසිදු සාධාරණ පදනමක් නොමැතිව වගඋත්තරකරුවන් විසින් තමන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවයි.

එමගින් සිය මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *