ගාලුමුවදොර වෙරළින් අදත් මළ සිරුරක්

කොළඹ ගාලු මුවදොර වෙරළ තීරයෙන් නාඳුනන පිරිමි මල සිරුරක් හමුවී තිබෙනවා.
පොලිසිය පැවසුවේ වයස අවුරුදු 40 ක් පමණ වන අයෙකුගේ සිරුර අද පෙරවරුවේ මෙලෙස හමුවී ඇති බවයි.
පෙරේදා දිනයේදීත් ගාලු මුවදොර වෙරළ තීරයෙන් පිරිමි මළ සිරුරක් හමුවූ අතර එය පන්නිපිටියේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකුගේ බව පසුව තහවුරු කරගැණුනා.