ඉන්ධන නිකුත් කිරීම හෙට සිට කිව් ආර් ක්‍රමයට පමණයි

ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමවේදය හෙවත් කිව් ආර්. ක්‍රමවේදය හෙට (01) සිට මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වනවා.
කෙසේ වෙතත්, තමන්ගේ රථය සඳහා වෙන්වන ඉන්ධන කෝටාව ලබාගැනීම සඳහා සතියක පමණ කාලයක් පවතින හෙයින් හෙට දිනයේම පිරවුම්හල් වෙත පැමිණ එය ලබාගැනිමට උත්සාහ නොකරන ලෙසයි බලශක්ති අමාත්‍යාංශය ඉල්ලීමක් කළේ.
මේ අතර, ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමවේදය හෙවත් කිව් ආර් ක්‍රමවේදය සඳහා අද (31) සිට වාහන ආදායම් බලපත්‍ර අංකයට අනුව ද ලියාපදිංචි විය හැකියි.
ඒ අනුව වාහනයේ චැසි අංකයෙන් කිව් ආර් ක්‍රමවේදයට ලියාපදිංචි වීමට නොහැකි වූ වාහන හිමියන්ට මෙලෙස ආදායම් බලපත්‍රයෙන් ලියාපදිංචියට අවස්ථාව හිමිවනවා.