අදත් තද වැසි

අදත් (31) පළාත් කිහිපයකට ගිගුරුම් සහිත තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් මෙලෙස වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
වැසි ඇතිවන විට තද සුළං සහ අකුණු ඇතිවිය හැකි බවද එහි සඳහන්.