හෙට සිට ආදායම් බලපත්‍ර අංකය මගින් QR Code සඳහා ලියාපදිංචි වන්න අවස්ථාව

චැසි අංක ඇතුළත් කර කිව් ආර් ක්‍රමවේදයට ලියාපදිංචි වීමට නොහැකි වූ වාහන හිමියන්ට, හෙට සිට ආදායම් බලපත්‍ර අංකය මගින් ඒ සඳහා ලියාපදිංචි විය හැකි බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් 1190 න් ඉන්ධන පිරවුම්හල් 962 ක් ඊයේ රාත්‍රී 8.30 වන විට ජාතික ඉන්ධන බලපත්‍ර ලියාපදිංචි ක්‍රමවේදීය පද්ධතියට ඇතුලත් කර තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කලා.