පොදු රද මඩුලු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා පළමු පදක්කම ඉසුරු කුමාරට

22 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී පිරිමි කිලෝ ග්‍රෑම් 55 බර පංතියේ බර ඉසිලීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ දිලංක ඉසුරු කුමාර සමත්වුණා.
මෙය මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාවට හිමිවූ පළමු පදක්කමයි.
මෙම ඉසව්වේ රන් පදක්කම මැලේසියා ක්‍රීඩකයා විසින් දිනාගත් අතර රිදී පදක්කම ඉන්දියාවට හිමිවුණා.
22 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල එංගලන්තයේ බර්මිංහැම් නුවරදීයි පැවැත්වෙන්නේ.