අගෝස්තු 01 වැනිදා සිට 05 වැනිදා තෙක් පාසල් පැවැත්වෙන්නේ පෙර පරිදියි

එළඹෙන අගෝස්තු මස 01 වැනි දින සිට දිවයිනේ සියලුම රජයේ හා රජයේ අනුමත පාසල් පෙර සතියේ පැවැත්වූ ආකාරයටම පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව අද (30) අධ්‍යාපන අමාත්‍ය නීතිඥ සුසිල් ප්‍රේම්ජයන්ත් සමග අධ්‍යාපන – පාසල් බලධාරින් සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වූ රැස්වීමකදියි මේ බව තීරණය කෙරුණේ.
පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කොට්ඨාස භාර නියෝජ්‍ය/සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ සියලුම විදුහල්පතිවරුන් හට පෙර පැවරූ බලය ප්‍රකාරව පාසල්වල අධ්‍යාපන පරිපාලන කටයුතු සිදු කළ හැකි වනවා.
පාසල් සතියකට දින 03ක් පමණක් පැවැත්වෙන අතර, සඳුදා, අඟහරුවාදා හා බ්‍රහස්පතින්දා ඒ දින වනවා.
සෙසු දිනයන්හිදී නිවෙස්ගත මාර්ග අධ්‍යයනයට දරුවන් යොමු කරන ලෙසට ද දැනුම්දී තිබෙනවා.
එමෙන්ම පාසල් පැමිණීමට ප්‍රවාහන අපහසුතා නොමැති පාසල්වල විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ එකඟතාව හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂගේ අනුමැතිය මත බදාදා හා සිකුරාදා දිනවල ද පාසල් පැවැත්වීම කළ හැකියි.