පැතුම් කර්නර් අද අධිකරණයට

පසුගිය 13 වනදා බත්තරමුල්ල – පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාවය මෙහෙයවූ බවට චෝදනා එල්ල වූ සමාජ ක්‍රියාකාරිකයෙකු වන පැතුම් කර්නර් අද (29) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

ඊයේ කොළඹ අපරාධ කොට්ඨාශයට භාරවීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.

එමෙන්ම අත්අඩංගුවට ගත් රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති ඇන්තනී වේරංග පුෂ්පික ද සිල්වා ද, ඊයේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *