සේලයින් බෝතලය සමඟ පාර්ලිමේන්තු ඡන්ද පොළට ආ මන්ත්‍රී

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා සිදු කෙරෙන ඓතිහාසික ඡන්ද විමසීමේ දී විශේෂ සිදුවීම් කිහිපයක් ද වාර්තා වුණා.

ඒ අතරින් වඩාත් විශේෂ වන්නේ, මේ වන විට රෝගාතුර ව රෝහල්ගත ව ප්‍රතිකාර ලබන පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත් සිය සේලයින් බෝතලය ද සමඟ ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණීම යි.

මෙම ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණි වහා ම කථානායකවරයා ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සභාවට පැහැදිලි කර ඔහුට විශේෂ අවස්ථාවක් ලබා දිය හැකි දැ යි විමසා සිටියා.

එහි දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රකාශ කෙරුණු එකඟතාව මත පාර්ලිමේන්තු සේවකයන්ගේ සහයෝගයෙන් ඡන්ද පෙට්ටිය අසලට පැමිණි සමන්ප්‍රිය හේරත් මන්ත්‍රීවරයා සිය ඡන්දය ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *