ඡන්ද විමසීම අවසන් – ගණන් කිරීම ඇරඹේ

ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සදහා වන ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදි දැන් අවසන් වුණා.
ඒ අනුව ඡන්ද ගණන් කිරීම ආරම්භ වී තිබෙනවා.
රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝජිත ලෙස හරීන් ප්‍රනාන්දු මහතා ද , ඩලස් අලහප්පෙරුම මහතා වෙනුවෙන් ඩිලාන් පෙරේරා මහතාද , අනුර දිසානායක මහතා වෙනුවෙන් විජිත හේරත් මහතා ද ඡන්ද ගණන් කිරීමේ නියෝජිතයන් ලෙස ගණන් කිරිම නිරීක්ෂණයට එක්ව සිටිනවා.
මන්ත්‍රීවරුන් 223 ක් ඡන්දය ප්‍රකාශ කල අතර දෙදෙනෙකු ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියා.