ජනාධිපති ධුරය සඳහා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක තරග වැදීමට සූදානම් බව ජාතික ජන බලවේගය අද(16) නිවේදනය කළා.

ජාතික ජන බලවේගය විසින් අද කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී එහි ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඒ බව කියා සිටියා.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස් වීමෙන් පුරප්පාඩු වූ ජනාධිපති ධුරය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැත් වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගය විසින් එළඹෙන 19 වැනිදා අනුර කුමාර දිසානායකගේ නම යෝජනා කිරීමට නියමිතයි.

“පාර්ලිමේන්තුව ඇතුළේ ජනාධිපතිවරයා තේරීමේ තරගයේදී ජාතික ජන බලවේගය නියෝජනය කරමින් අපේ පක්ෂයේ නායක අනුර දිසානායක සහෝදරයාව අපි ඉදිරිපත් කරනවා. ඒ මේ රට වැටිලා තිබෙන දැවැන්ත ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා නායකත්වය ලබාදීමට”‍යි යනුවෙන් විජිත හේරත් මන්ත්‍රීවරයා කියා සිටියා.

තව ද පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන්ගෙන් පොදු එකඟතාවයක වැඩපිළිවෙලක් වෙනුවෙන් කටයුතු කිරීමට එක් වෙමු යනුවෙන් ද ඔහු මෙහි දී කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *