ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස් වෙයි!

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඒ සිය අස් වීමේ ලිපිය, කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත යොමු කරමින්.

කථානායකවරයා ඒ බව මාධ්‍ය නිවේදනයකින් ශ්‍රී ලංකාවට ප්‍රකාශ කළා.

ගෝඨාභය රාජපක්ෂ සිය ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස් වුණේ, සිය ධුර කාලය නිමා කිරීමට තවත් වසර දෙකකටත් වඩා තිබිය දී වීම විශේෂත්වයක්.

ජනාධිපතිවරයා පත් වී වසර දෙකක් පමණ ගත වන තුරු ශ්‍රී ලංකාව විවිධ ආකාරයේ අර්බුද රාශියකට මුහුණ දුන් අතර, එහි උච්ඡතම අවස්ථාව උදා වූයේ, ඉන්ධන අර්බුදයත් සමඟ යි.

ඒ හේතුවෙන් 2022 වර්ෂය ආරම්භයේ සිට ම ශ්‍රී ලංකාවාසින් පසු වූයේ දැඩි අපහසුතාවකින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *