මුහුදේ අනතුරට ලක්වූ 55 දෙනෙකු රැගත් නෞකාවක් බේරා ගැනේ

නීතිවිරෝධී ලෙස මෙරටින් පලායමින් සිටි පිරිසක් රැගත් යාත්‍රාවක් සුළි කුණාටුවට හසුව දිවයිනට කිලෝමීටර් 722 ක් ගිණිකොණ දෙසින් වූ ගැඹුරු මුහුදේ ආපදාවට ලක්ව තිබියදී නාවික හමුදාව විසින් බේරා ගෙන තිබෙනවා.

පුද්ගලයින් 55 දෙනෙකු එහි සිට ඇති අතර, අදාළ යාත්‍රාව අද පෙරවරුවේ හම්බන්තොට වරායට රැගෙන ආ බවයි නාවික හමුදාව සඳහන් කළේ.

අදාළ යාත්‍රාව අනතුරකට ලක්වී ඇති බවට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මගින් නාවික හමුදාවට දැනුම් දීමෙන් අනතුරුව පෙරේදා එම ස්ථානයට නාවික හමුදාවේ පරාක්‍රමබාහු නෞකාව ළගා වී තිබෙනවා.

ඒ වනවිට අදාළ යාත්‍රාව ජලය කාන්දු වී ගිලීයාමේ අවදානමකට ලක්ව තිබූ අතර, ආහාර සහ ජලය හිඟවීමෙන් අසාධ්‍ය තත්ත්වයෙන් ද කිහිපදෙනෙකු සිටි බවයි නාවික හමුදාව සඳහන් කළේ.

බේරාගත් පිරිසට කාන්තාවන් තිදෙනෙකු, කුඩා ළමයින් 6 දෙනෙකු සහ එම ජාවාරම මෙහෙයවූ පුද්ගලයින් 5 දෙනෙකු ද ඇතුළත්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *