ආගමන විගමන නිළධාරීන් කටුනායක ගුවන් තොටුපලේ සේද මාවතෙන් ඉවත්වෙයි

කටුනායක ගුවන් තොටුපලේ ආගමන විගමන නිළධාරීන් සේද මාවත පර්යන්තයේ රාජකාරී වලින් ඉවත් වී තිඛෙනවා.
ශ්‍රී ලංකා ආගමන විගමන නිළධාරින්ගේ් සංගමයේ සභාපති අරුණ කනුගල මහතා කියා සිටියේ රටේ පවතින අර්බුදකාරී තත්වය හමුවේ දේශපාලඥයින් ඇතුලු වෙනත් පුද්ගලයින් සේද මාවත භාවිත කරමින් රටින් පිටවීමේ උත්සහය හේතුවෙන් මෙම පියවර ගත් බවයි.
මගී ජනතාවට සාමාන්‍ය මගී පර්යන්තය ඔස්සේ විදෙස්ගත වීමට කිසිදු බාධාවක් නොමැති බවද අරුණ කණුගල මහතා දැනුම් දුන්නා.