SSP රොමේෂ් ලියනගේ ගේ වැඩ තහනම්

ජුලි 9 වැනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස ඉදිරිපිට ඇති වූ නොසන්සුන්තාව අතරතුර මාධ්‍යවේදීන්ට පහරදීමේ සිද්ධියට සම්බන්ධ පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේ මහතාගේ වැඩ තහනම් කර තිබෙනවා.

එම පහරදීම වැළැක්වීමට කටයුතු නොකිරීමේ හේතුව මත ආයතන සංග්‍රහය මගින් පොලිස්පතිවරයා වෙත පැවරී ඇති බලතල වලට අනුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය මත වහාම ක්‍රියාත්මක වන පිරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ආර් ඒ ලියනගේ මහතාගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනවා.

සෙනසුරාදා අගමැතිවරයාගේ පෞද්ගලික නිවස ඉදිරිපිට රාජකාරියේ යෙදී සිටි පොලිස් සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ අමානුෂික ප්‍රහාරයකින් සිරස රූපවාහිනී නාලිකාවේ මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු තුවාල ලැබුවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *