හෙට ජාතික ශෝක දිනයක්

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ හදිසි අභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය හෙට දිනය ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.

හෙට දිනය ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බැවින් සියලුම රජයේ ආයතවල ජාතික කොඩිය අඩකුඹුකර තබන ලෙස රජය දැනුම් දෙනවා. එමෙන්ම එදින රජයේ නිවාඩු දිනයක් නොවන බවද නිවේදනය කෙරෙනවා. අභාවප්‍රාප්ත ෂින්සෝ අබේ මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට දිනයේදී ජපානයේ ටෝකියෝ නුවරදී සිදු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ටෝකියෝ නුවර පිහිටි බෞද්ධ විහාරස්ථානයකදී පවුලේ සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් අවසන් කටයුතු සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. මේ වන විට ඒ මහතාගේ දේහය ටෝකියෝ නුවර  පිහිටි පෞද්ගලික නිවසේ තැන්පත් කර තිබෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *