දකුණු අප්‍රිකාවේ අවන්හලක වෙඩි තැබීමකින් 15 දෙනෙකු ජීවිතක්ෂයට

දකුණු අප්‍රිකාවේ අවන්හලක සිදු වූ වෙඩි තැබීමකින් පහලොස් දෙනෙක් මරණයට පත්ව තිබෙනවා.

දකුණු අප්‍රිකාවේ සෝවේටෝ නගරයේ අවන්හලක සිදුවූ වෙඩි තැබීමකිනුයි මෙලෙස පහලොස් දෙනෙක් මරණුවට පත්ව තිබෙන්නේ. මෙම වෙඩි තැබීම අලුයම් කාලයේ සිදු වූ බව වාර්තා වනවා. ප්‍රහාරයට පැමිණි පිරිස සුදු පැහැති වෑන් රථයකින්  පලා ගිය බව විදෙස් වාර්තා සඳහන් කරනවා. ප්‍රහාරයට ලක් වූ පිරිස වයස අවුරුදු 19ත් 35ත් අතර පිරිසක් වෙනවා. දකුණු අප්‍රිකා පොලිස් වාර්තා පෙන්වා දෙන්නේ ප්‍රහාරය එල්ල කල පිරිස රයිෆල් වර්ගයේ තුවක්කු සහ පිස්තෝල උපයෝගී කරගෙන මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

මේ අතර රුසියානු රොකට් ප්‍රහාර හේතුවෙන් යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශයේ චාසිව්යාර් නගරයේ පහලොස් දෙනෙකු මිය ගොස් තිබෙනවා. මහල් ගොඩනැගිල්ලකට එල්ල කල ප්‍රහාර හේතුවෙන් තවත් විසි දෙනෙකු පමණ සුන්බුන්වලට යට වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *