දිනේෂ් චන්දිමාල්ගෙන් ශතකයක්

රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය නිමාවන විට පන්දුවට පහර දෙමින් සිටි  ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු හයක් දැවී ලකුණු 431ක් රැස් කර සිටිනවා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියා කන්ඩායම සිය ප්‍රථම ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 364 ක් රැස් කළා. මෙහිදී මානස් ලබුෂේන් ලකුනු 104 ක් රැස් කළ අතර ඊට 4 පහර ‍12 ක් ඇතුළත්. ඉනිමේ වැඩිම ලකුනු ලාභියා වූ ස්ටීවන් ස්මිත් නොදැවී ලකුනු 145 ක් රැස් කළා. අගනා පන්දු යැවීමක නිරතවු ප්‍රභාත් ජයසූරිය සිය මංගල ටෙස්ට් තරගයේදීම කඩුළු 6 ක් බිද හෙළුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු සිය මංගල ටෙස්ට් තරගයකදී වාර්තා කරන ලද දෙවන වැඩිම කඩුලු සංඛ්‍යාවට හිමිකම් කියමින්. අනතුරුව සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කිරීම සදහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිෂ්ශංක ලකුනු 6 කට දවා ගැනීමට ඕස්ට්‍රෙිලියා වේගපන්දු යවන ක්‍රිඩක මිචෙල් ස්ටාක් සමත්වුණා. දිමුත් කරුණාරත්න ලකුනු 86 යි. කුසල් මෙන්ඩිස් ලකුණු 85කට දැවී ගියේ නැතල් ලියෝන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙන්. ශ්‍රි ලංකා ඉනිම වර්ණවත් කළ දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණනු 118ක් රැස් කරගෙන සිටිනවා. එය චන්දිමාල්ගේ 13 වන ටෙස්ට් ශතකය ලෙසයි ක්‍රිකට් වාර්තාපොත් වලට එක්වන්නේ. කමිදු මෙන්ඩිස් ලකුණු 61ක් රැස් කරමින් ශ්‍රී ලංකා මැද පෙළ ශක්තිමත් කිරීමට සමත් වුණා.

මේ අතර ඉදිරියේ දී ආරම්භ වීමට නියමිත පාකිස්ථානයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට අදාල තෙදින පුහුණු ක්‍රිකට් තරගයේ  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සංචිතය නම් කර තිබෙනවා. නිපුන් ධනංජයගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුලත් කර ඇති අතර ප්‍රවීන් ජයවික්‍රම, ලසිත් ඇඹුල්දෙනිය හා චාමික කරුණාරත්න යන ක්‍රීඩකයින් මීට ඇතුලත්. තරගය හෙට කෝල්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *