ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට කතානායකවරයෙකු පත් කරගැනිමට නො හැකි වෙයි.

ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය

ඇමරිකානු පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සඳහා කතානායකවරයෙකු පත් කර ගැනීමට පැවති ඡන්ද විමසීමේදී කතානායක ධූරයට සුදුස්සෙකු තෝරා ගැනිමට නොහැකි වී තිබෙනවා.

එරට ඉතිහාසයේ පළමු වටයේ ඡන්ද විමසීමකදී නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සඳහා කතානායකවරයෙකු තෝරා ගැනීමට නොහැකි වුණු පළමු අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ.

පසුගිය 2022 වසරේ නොවැම්බර් මාසයේ පැවති මැදි කාලීන මැතිවරණයෙන් පසු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය ඇත්තේ ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ ඩිමොක්ක්‍රටික්වරුන්ට නොව ප්‍රතිවාදී රිපබ්ලිකන්වරුන්ටයි.

ඒ අනුව ඩිමොක්ක්‍රටික් කතානායිකා නැන්සි පොලිසි එම ධුරයෙන් ඉවත් වුණා.

රිපබ්ලිකන්වරුන් නව කතානායකයා ලෙස නම් කර ඇත්තේ කෙවින් මැකාතියි.

මැකාති කතානායක ධුරයට පත්වීම රිපබ්ලිකන්වරුන්ගේ පමණක් නොව ඩිමොක්ක්‍රටික්වරුන්ගේ ද මනාපය අවශ්‍ය වනවා.

කෙසේ වෙතත් පළමු වටයේ ඡන්ද විමසීමේදී කෙවින් මැකාතිට අවශ්‍ය සහය හිමි වුයේ නැහැ.